සර්වජන බලයේ ජනපති අපේක්ෂකත්වයට නම් තුනක්
සර්වජන බල සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා සඳහා නම් තුනක් යෝජනා වී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පැවසීය. ඉදිරියේදී පැවැත්වෙන විධායක සභා රැස්වීමේදී එම නම් තුන අතරින් සුදුසුම අපේක්ෂකයා තෝරා ගන්නා බවද ඔහු සදහන් කළේය.