ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත් වෙන්න : ට්‍රම්ප් අනතුරු අඟවයි
ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා වහාම ඉවත් විය යුතු බව සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩයක් තබමින් අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දැනුම් දී තිබේ.
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර තුනකට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරට ජාතිය අමතා පැවසුවේ ඉරානය දැන් සාමය ඇති කළ යුතු බවත් එසේ නොකළහොත් අනාගත ප්‍රහාර දැඩි වනු ඇති බවත් ය.
"එක්කෝ සාමය, නැත්නම් පසුගිය දින අට තුළ අප දුටුවාට වඩා විශාල ඛේදවාචකයක් ඉරානයට අත් වනු ඇත," ට්‍රම්ප් අනතුරු අඟවයි.
"මතක තබා ගන්න, ඉලක්ක බොහොමයක් ඉතිරිව තිබෙනවා. අද රාත්‍රිය එයින් වඩාත් දුෂ්කර සමහර විට වඩාත්ම මාරාන්තික එක විය හැකියි. නමුත් සාමය ඉක්මනින් උදා නොවන්නේ නම්, අපි සහතිකවම, වේගයෙන් අනෙක් ඉලක්ක වෙත යන්නෙමු" ට්‍රම්ප් ජාතිය අමතමින් එලෙස පැවසීය.
එමෙන්ම සිදුකළ ප්‍රහාර විශ්මයජනක මිලිටරි සාර්ථකත්වයක් ලඟා කර ගත් බවත් තමාට ලෝකය හමුවේ පවසා සිටිය හැකි බවද ට්‍රම්ප් පැවසූ අතර ඊශ්‍රායලයට එල්ල වූ මෙම බිහිසුණු තර්ජනය මකා දැමීමට ඔවුන් කණ්ඩායමක් ලෙස කටයුතු කළ බවත් තමන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට සුබ පැතූ බවද අමෙරිකානු ජනාධිපතිවරයා සිය ජාතිය ඇමතීමේදී ප්‍රකාශ කළේය.
තවද සිදුකළ ප්‍රහාර හමුවේ ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික බලාගාර සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීමට තමන් පියවර ගත් බවද අමෙරිකානු ජනාධිපතිවරයා පැවසීය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා වහාම ඉවත් විය යුතු බව සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩයක් තබමින් අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දැනුම් දී තිබේ.
ටෙල් අවිව් බෙන් ගූරියන් ගුවන්තොටුපොළ ජාත්‍යන්තර ගුවන්ගමන් වසාදැමීම හේතුවෙන් ඊශ්‍රායලයට පැමිණීමට නොහැකි පිරිස්වලට ජෝර්දානය හා ඊජිප්තුව හරහා තම ගමන්වාර සකස්කර ගතහැකි බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.
ඊශ්‍රායලය විසින් එල්ල කළ මිසයිල ප්‍රහාරවලට ඉරානය විසින් ඊශ්‍රායලයට බැලස්ටික් මිසයිල් ප්‍රති ප්‍රහාරයක් එල්ල කර තිබේ.