CLOSE

ඊශ්‍රායලයේ ටෙල්අවිව් Beersheba Soreka රෝහලේ සේවය කරමින් සිටි ශ්‍රී ලංකාවේ සාත්තු සේවිකාවකට ඉරානය විසින් එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයකින් තුවාල සිදුව තිබේ.

අද (19) දින Beersheva Soreka රෝහල ආසන්නයට එල්ල  වූ ඉරාන මිසයිල ප්‍රහාරයකින් එම රෝහලේ සිටි ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවක වන ඉරෝශිකා චතුරංගනී තුවාල ලබා ඇති බවයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් මේ පිළිබඳ සඳහන් කර ඇත්තේ.

ඇයට ප්‍රතිකාර ලබාදෙන අතර ඒ පිළිබඳ සොයා බැලීමට තානාපති කාර්යාලයේ කණ්ඩායමක් ඉක්මනින් පිටත් කර හැරීමට කටයුතු කළ බව ද නිමල් බණ්ඩාර වැඩිදුරටත් සඳහන් කර තිබේ.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.