ෆින් ඇලන් ගෙන් T20 ලෝක වාර්තාවක්
20-20 තරග බිමේ වේගවත්ම ලකුණු 150 ලෝක වාර්තාව අලුත් කිරීමට නවසීලන්තයේ ෆිල් ඇලන් සමත් විය.
2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත.
ශ්‍රී ලංකාව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වූයේ D කාණ්ඩය යටතේ නෙදර්ලන්තයට එරෙහිව පැවති තරගය බංග්ලාදේශය ලකුණු 25කින් ජය ගැනීමත් සමඟය.
ඒ අනුව බංග්ලාදේශයේ ලකුණු 160ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි නෙදර්ලන්තයට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවි රැස්කරගත හැකිවූයේ ලකුණු 134ක් පමණි.
ශ්‍රී ලංකා කණ්ඩායම 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක මූලික වටයෙන් ඉවත් වූ පළමු අවස්ථාව මෙය වෙයි.
ඒ අතර ශ්‍රී ලංකාව වසර 10කින් 20 -20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් පූර්ව වටයට ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලබා නොමැත.
මේ අතර පන්දුවාර 20ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩය යටතේ ඕමානය සහ එංගලන්තය අතර පැවති තරගයෙන් සුපිරි ජයක් වාර්තා කිරීමට එංගලන්තය සමත්වුණි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
20-20 තරග බිමේ වේගවත්ම ලකුණු 150 ලෝක වාර්තාව අලුත් කිරීමට නවසීලන්තයේ ෆිල් ඇලන් සමත් විය.
2020 වසරේ පැවති ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීම සඳහා ක්‍රීඩකයෙකුට යෝජනා ඉදිරිපත් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සචිත්ර සේනානායකට විරුද්ධව නීතිපතිවරයා විසින් හම්බන්තොට මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබේ.
ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් අතර අද (03) පැවැත්වීමට නියමිතය.