ආපදා හේතුවෙන් සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන්ට විශේෂ නිවාඩු
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන හා අවසන් එක්දින ක්‍රිකට් තරගය පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (08) පස්වරු 02:30ට දිවා රාත්‍රී තරගයක් ලෙසින් ආරම්භ කිරීමට නියමිත යි.
මෙම තරගාවලියේ මෙතෙක් පැවති තරග දෙකෙන් එක් තරගය බැගින් ජය ගැනීමට කණ්ඩායම් දෙකම සමත්ව සිටීම හේතුවෙන් තරගාවලියේ ජයග්‍රහණය මෙම තරගයේ ප්‍රතිඵලය මත තීරණය වනු ඇත.
බංග්ලාදේශ කණ්ඩායම මේ දක්වා ශ්‍රී ලංකාවේදී එක්දින තරගාවලි 07කට ක්‍රීඩා කර ඇති අතර ඉන් කිසිදු තරගාවලියක් ජයගෙන නොමැත.
ශ්‍රී ලංකා කණ්ඩායම පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ සහභාගි වූ අවසන් එක්දින තරග 10න් තරග 8ක් ජය ගැනීමට සමත්ව තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
පවතින ආපදා තත්ත්වය සහ උත්සව සමය පාදක කරගනිමින් ගර්භණී කාන්තාවන්ට ලබාදීමට නියමිත රු 5,000ක පෝෂණ දීමනාව අද (16) සිට ලබාදීමට කටයුතු යොදා තිබේ.
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.