ආපදා හේතුවෙන් සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන්ට විශේෂ නිවාඩු
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
වැලිගම, උඩුකාව ප්‍රදේශයේ පිහිටි වැලිගම ප්‍රදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රී නිතීඥ තාරක නානායක්කාර ගේ නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව පොලිසිය පවසයි.
අද අලුයම 4.40ට පමණ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර පලාගොස් තිබේ.
වෙඩිකරුවන් වෙත පොලීසියෙන්ද වෙඩි තබා ඇති අතර එම අවස්ථාවේ ඔවුන් පලාගිය බව පොලීසිය පැවසුවේය. වෙඩි ප්‍රහාරය නිවසේ ගේට්ටුවට එල්ල වී ඇති අතර කිසිවකුටත් තුවාල සිදුව නොමැති බව වාර්තා වේ.
අදාළ මන්ත්‍රීවරයාට මරණ තර්ජන ඇති බව පවසා නිවසට පොලිස් ආරක්ෂාව ද ලබාගෙන තිබූ බවත් පොලිසිය පවසයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
පවතින ආපදා තත්ත්වය සහ උත්සව සමය පාදක කරගනිමින් ගර්භණී කාන්තාවන්ට ලබාදීමට නියමිත රු 5,000ක පෝෂණ දීමනාව අද (16) සිට ලබාදීමට කටයුතු යොදා තිබේ.
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.