CLOSE

ඉරාන ඊශ්‍රායෙල් ගැටුම ගැන සාකච්ඡා කිරීමට කාලය ලබා නොදුන්නේ යැයි කථානායකවරයාට චෝදනා කර ඊට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් මීට ස්වල්ප මොහොතකට පෙර පාර්ලිමේන්තු සභා ගර්භයෙන් පිටව ගොස් තිබේ.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර ලංකාදීප පුවත්පතට ප්‍රකාශ කර ඈත්තේ කතානායකවරයා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට කාලය නොදී ඒකාධිපතිවරයකු ලෙස හැසිරීම නිසා ඊට විරෝධය පළ කරමින් සභාගර්භයෙන් මෙසේ පිටව ගිය බවයි.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද දවස පුරාම සභා ගර්භයට නොපැමිණෙන බව ඔහු සඳහන් කර ඇත.
 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.