පළාත් තුනක පාසල් 640ක් හෙට ආරම්භ නොවන බවට දැනුම්දීමක්
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.
පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ වෙළෙඳසැලක් මතට අද (22) පෙරවරුවේ පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් වසා දැමුණු කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය ගනේතැන්න ප්‍රදේශයෙන් හෙට පස්වරුව දක්වාම වසා තැබෙන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජගත් එම් හේරත් පවසයි.
"මාර්ගය දෙපැත්තෙන්ම අපි වහලා තියෙන්නේ. අපි උත්සාහා කරනවා ඉරිදා දින හවස්වරුව වෙනකොට කොහොම හරි මේක විවෘත කරගන්න. මොකද ලොකු ගල් කුට්ටියක් තාම අස්ථාවර විදිහට තියෙන්නේ. ඒක කොන්ක්‍රීට් කණු උඩ රැඳිලා තියෙන්නේ. සමහරවිට ඒක නැවතත් පහළට පතිත වීමේ ඉඩක් තියෙනවා. ඒ නිසා මාර්ගය දැනට විවෘත කරන්න තරම් අපිට ආරක්ෂාකාරී නෑ. ඒ නිසා අපි පොලිස් නිලධාරීන් යොදවලා එන වාහන අතුරුමාර්ග වෙත යොමු කරලා ගමන් පහසුව සලසා දී තිබෙනවා.
ඒ වගේම සඳුදා දිනයේ අපිට ගැටලුවක් තියෙනවා උසස් පෙළ සිසුන් විභාගය සඳහා යන දරුවන් එනවා. ඒ නිසා ඒ අය වෙනුවෙන් අපි බලාපොරොත්තු වෙනවා මාර්ගයේ කොටසක් විවෘත කරලා, මාවනැල්ල ඩිපෝවෙන් බස් රථ ආරම්භ කරලා ඒ දරුවන් සහ විශේෂයෙන්ම ගුරු භවතුන් සඳහා මාර්ගයේ කොටසක් හෝ විවෘත කරලා දෙන්න."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.
ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහි සිදුවූ වෙඩි ප්‍රහාර මාලාවෙන් එම ප්‍රදේශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුටත් හානියක් සිදු ව නොමැති බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පවසා තිබේ.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් හෙට දින (16) සිට දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැසි වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.