පළාත් තුනක පාසල් 640ක් හෙට ආරම්භ නොවන බවට දැනුම්දීමක්
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.
'දිට්වා' සුළි කුණාටුවත් සමග ඇති වූ අනපේක්ෂිත හදිසි තත්ත්වය තුළ සිසුන් මුහුණ දුන් අභියෝග හඳුනා ගනිමින්, ඔවුන්ගේ ඉගෙනුම් කටයුතු සඳහා සහයෝගය ලබා දීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඊ-තක්සලාව ඩිජිටල් ඉගෙනුම් වේදිකාව ශක්තිමත් කර තිබේ.
ඒ අනුව සිසුන්ට ඕනෑම ස්ථානයක සිට විෂය කරුණු සහ පසුගිය ප්‍රශ්න පත්‍ර වෙත ප්‍රවේශ වීමට හැකි වන පරිදි, ජාතික ඉලෙක්ට්‍රොනික ඉගෙනුම් වේදිකාව වන ඊ-තක්සලාව (E-thaksalawa) සඳහා ප්‍රවේශය වැඩි දියුණු කර ඇත.
උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් 2026 ජනවාරි 12 සිට 20 දක්වා පවත්වන බවට නිවේදනය කර ඇති පසුබිමක මෙම ප්‍රයත්නය මගින් පාසල් වසා දැමීම සහ බාහිර අර්බුද නොතකා සිසුන්ට විභාගය සඳහා අඛණ්ඩව සූදානම් වීමට හැකියාව ලැබෙන බව සඳහන්.
අත්‍යවශ්‍ය ඉගෙනුම් අන්තර්ගතයන් සකස් කර ඒවා මෙම ඉගෙනුම් වේදිකාවට ඇතුළත් කර, සිසුන්ට ප්‍රවේශ වීමේ හැකි බව සහතික කළ අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් සහ අග්‍රාමාත්‍ය ඩිජිටල් කාර්ය සාධක බලකායේ කාර්ය මණ්ඩලය සඳහන් කළේ මෙම සහයෝගි ප්‍රයත්නය තුළින් අධ්‍යාපනය වේගයෙන් ඩිජිටල්කරණය කිරීමට හැකි වූ බවයි.
ඉදිරියේදී, සාමාන්‍ය පෙළ සිසුන් සඳහා ද මෙවැනි ඩිජිටල් ඉගෙනුම් සම්පත් 2026 පෙබරවාරි මාසයේ සිට ලබා දීමට නියමිත අතර, එමගින් අනපේක්ෂිත අභියෝගවලට අනුවර්තනය වීමේ හැකියාව ඇති, ඩිජිටල් ලෙස ඒකාබද්ධ වූ අධ්‍යාපන පද්ධතියක් කරා ගමන් කිරීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇති බව අමාත්‍යාංශය පවසයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.
ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහි සිදුවූ වෙඩි ප්‍රහාර මාලාවෙන් එම ප්‍රදේශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුටත් හානියක් සිදු ව නොමැති බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පවසා තිබේ.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් හෙට දින (16) සිට දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැසි වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.