පළාත් තුනක පාසල් 640ක් හෙට ආරම්භ නොවන බවට දැනුම්දීමක්
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.
කිලෝ ග්‍රෑම් එකකට අධික හෙරොයින් තොගයක් සමග අනුරාධපුර එප්පාවල ප්‍රදේශයේදී අත්අඩංගුවට පත් ප්‍රාථමික පාසල් විදුහල්පතිවරයාගේ වැඩතහනම් කිරීමට උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා තීරණය කර තිබේ.
අදාළ විදුහල්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා දන්වා ඇත්තේ, අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය ඉදිරිපත් කළ කරුණු සලකා බලමින් ආයතන සංග්‍රහයේ වගන්ති යටතට ගැනෙන වරදක් සිදුකර ඇති බැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනම් කිරීමට කටයුතු කරන බවය.
ජාතික ජනබලවේගයේ හිටපු නාගරික මන්ත්‍රීවරියක ලෙස කටයුතු කළ දිස්නා නෙරංජලාගේ සැමියා වන අදාළ විදුහල්පතිවරයා පසුගියදා හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 118ක් සමග අත්අඩංගුවට පත් වූ අතර අදාළ මන්ත්‍රීවරිය ඊයේ දින පෑලියගොඩ නාගරික මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වූ බව එම නගර සභාවේ සභාපති කපිල සමන් කීර්ති බීබීසී සිංහල සේවයට පවසා තිබුණි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.
ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහි සිදුවූ වෙඩි ප්‍රහාර මාලාවෙන් එම ප්‍රදේශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුටත් හානියක් සිදු ව නොමැති බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පවසා තිබේ.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් හෙට දින (16) සිට දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැසි වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.