CLOSE

පුවත්

අනුර කුමාර දිසානායක 9වෙනි විධායක ජනපති ලෙස නිළ වශයෙන් තේරී පත්වෙයි

අනුර කුමාර දිසානායක 9වෙනි විධායක ජනපති ලෙස නිළ වශයෙන් තේරී පත්වෙයි

මෙරට 9 වන විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක තේරී පත්වී තිබේ. ඒ අනුව ඔහු හෙට උදෑසන (23) වැඩ භාරගැනීමට නියමිතය.

ජනාධිපතිවරණ ඉතිහාසයේ පළමුවරට දෙවන මනාප ගණන් කරයි

2024 ජනාධිපතිවරණයෙන් කිසිදු අපේක්ෂකයෙක්ට 50% ලැබී නැතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක පැවසීය. විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු කියා සිටියේ, ඒ අනුව තමන් වෙත පැවරී ඇති බලතල අනුව දෙවන මනාප ගණන් කිරීමක් සිදු කරන බවය.

Read More

ජාජබෙන් විශේෂ නිවේදනයක්

රාත්‍රී ඇඳිරි නීතිය පැනවීම ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කරන අවස්ථාවේ මහජන සාමය පවත්වා ගැනීමේ අරමුණින් පමණක් සිදු කරන්නක්ය යන්න විශ්වාස කරන බව ජාතික ජන බලවේගය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සිටියි.

Read More

රාත්‍රී 10 සිට ඇඳිරි නීතිය

ජනාධිපතිවරයාට මහජන ආරක්ෂක පනතේ පැවරී ඇති බලතල ප්‍රකාරව නිකුත් කර ලද අංක 2402/23 දරණ ගැසට්‌ පත්‍රය මගින් 2024.09.21 වන අද දින රාත්‍රි 10.00 සිට 2024.09.22 වන දින උදෑසන 6.00 දක්වා මුළු දිවයිනටම සහ දේශීය ජල තීරයට බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය ප්‍රකාශයට පත් කර ඇත.

Read More

ආරක්ෂාව ගැන පොලීසියෙන් ප්‍රකාශයක්

ඉදිරි කාලසීමාව තුළ රටේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පවසයි.

Read More

රනිල්, අනුර, සජිත්, නාමල් ඇතුළු ජනපති අපේක්ෂකයෝ ඡන්දය දුන් අයුරු

ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ කොළඹ විශ්ව විද්‍යාලයේ ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය භාවිත කළේය.

Read More

පැන්සල භාවිත කරන ලද කිසිදු ඡන්ද පත්‍රිකාවක් අවලංගු නොකෙරේ

මෙවර ජනාධිපතිවරණයේ ඡන්දය සලකුණු කිරීම සඳහා ඇතැම් ඡන්ද මධ්‍යස්ථාන පෑන වෙනුවට පැන්සල යොදාගත් බවට පැමිණිලි ලැබුණු අතර කාබන් පෑන වෙනුවට පැන්සල භාවිත කරන ලද කිසිදු ඡන්ද පත්‍රිකාවක් අවලංගු නොවන බව මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටී.

Read More