ඊශ්‍රායලයේ රැකියාවලට ලාංකිකයින් යැවීම තාවකාලිකව නවතී
ඊශ්‍රායලයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යොමු කිරීම තාවකාලිකව නතරකර ඇති බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පවසයි.
ලෝක කම්කරු දිනය අදට (01) යෙදි තීබේ.
මෙවරත් කම්කරු දිනය සැමරීම සදහා මෙරට දේශපාලන පක්ෂ සහ සංවිධාන මැයි දින පෙළපාලී රැස්වීම් සංවිධානය කර ඇත.
ඒ අනුව කොළඹ නගරය තුළ මැයි දින රැලි 14ක් සහ පෙළපාලී දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති විසින් සංවිධානය කර තිබේ.
ජාතික ජනබලවේගය විසින් සිය මැයි දින රැලිය ගාලුමුවදොර පිටියේදී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර "රට හදන ජනබලය පෙළගැසෙන මැයි රැලිය" යන තේමාව යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් මැයි දින සැමරුම පැවැත්වීමට සැලසුම් කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පැවසීය.
සමගි සන්ධානයේ මැයි දින රැළිය සමගි ජනබලවේගය නායක සජිත් ප්‍රේමදාස ගේ ප්‍රධානත්වයෙන් තලවකැළේ ළිදුල නගර සභා පිටියේ දී පැවැත්වීමට සැලසුම්කර ඇත.
සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පැවසුවේ. "රට දිනුමට කම්කරු බලය" යන තේමාව යටතේ සමගි සන්ධානයේ මැයි දින රැළිය පවත්වන බවය.
මේ අතර පොදුජන පෙරමුණේ මැයි රැලිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේ පැවැත්වෙන බව එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් පැවසීය.
"රැවටිල්ල ඉවසුවා ඇති දැන් ඉතිං නැගිටිමු" යන තේමාව යටතේ මෙවර පොදුජන පෙරමුණ සිය මැයි රැලිය සංවිධානය කර ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණ සිය මැයි රැලිය මෙවර එම පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.
එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියන්න පැවසුවේ "බොරුව නවතනු - පොරොන්දු ඉටුකරනු" යන තේමාව යටතේ සිය පක්ෂයේ මැයි රැලිය පැවැත්වීමට සැලසුම් කර ඇති බවය.
මේ අතර අද දින පැවැත්වීමට නියමිත මැයි දින පෙළපාළි හේතුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් මෙන්ම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටද පොලීසිය තීරණය කර තිබේ.
මේ අතර දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මැයි දින පෙළපාළි සහ රැස්වීම් සදහා කොළඹ නගරය වෙත පැමිණෙන බස් රථ ගාල් කිරීම සදහා විශේෂ රථගාල සකස් කර ඇති බව ද ඉන්දික හපුගොඩ මෙහිදී සදහන් කළේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඊශ්‍රායලයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යොමු කිරීම තාවකාලිකව නතරකර ඇති බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පවසයි.
පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුවන් ඇතුළු නීතිවිරෝධී ක්‍රියා ඔස්සේ වත්කම් රැස් කරගෙන ඇති පුද්ගලයන් 88 දෙනකුගේ රුපියල් කෝටි 400කට අධික දේපොළ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් මේ වන විට තහනම් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කළේය.
කොළඹ මහ නගර සභාවේ පුරපති තනතුර ජාතික ජන බලවේගයට හිමිවී තිබේ.