ජනප්‍රිය ගායිකා කේ.සූජීවා ඇතුළු සිවු දෙනකු තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කර ඇත.
කේ.සූජීවාගේ සැලුනයක් (ටැටු) විවෘත කිරීමට පැමිණි අවස්ථාවේ මෙම වෙඩි තැබීම සිදු කර ඇතැයි ද පොලිසිය කියයි. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
මේ අතර අතුරුගිරිය ඔරුවල සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට වෙඩික්කරුවන් පැමිණි බව කියන මෝටර් රථය කොරතොට ප්‍රදේශයේ අතහැර දමා තිබිය දී සොයාගත් බව පොලිසිය කියයි.
ඔවුන් පැමිණි වාහනය එම ස්ථානයේ දමා ඩොල්ෆින් වර්ගයේ වෑන් රථයකින් පලා ගොස් ඇති බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පොලිස් කණ්ඩායම් කීපයක් පරීක්ෂණ පවත්වයි.
lankadeepa.lk