ෆින් ඇලන් ගෙන් T20 ලෝක වාර්තාවක්
20-20 තරග බිමේ වේගවත්ම ලකුණු 150 ලෝක වාර්තාව අලුත් කිරීමට නවසීලන්තයේ ෆිල් ඇලන් සමත් විය.
ඔහුගේ සිනමාරූපී, ඉතා සැහැල්ලු ක්‍රීඩා විලාසය ප්‍රේක්ෂකාගාරය කැළඹීමකට ලක් කර ඇති වග අමුතුවෙන් කියන්නට වුවමනා නැහැ.
රන් පදක්කම් දිනූ ජයග්‍රාහකයා ගැන හාවක් හූවක් නැතිවෙන තරමට රිදී පදක්කම් දිනූ ඔහුගේ සන්සුන් ස්වභාවය ප්‍රේක්ෂකාගාරයේ සම්පූර්ණ අවධානය සොරාගෙන අවසන්.
පැරිස් ඔලිම්පික් උළෙලේ එක රැයින් ජනප්‍රියත්වයට පත් මේ තුර්කි වෙඩික්කරු නමින් යූසුෆ් ඩිකෙච්.
ප්‍රතිවාදී තරගකරුවන් විශේෂිත උපකරණ ආදිය පැළඳ ක්‍රීඩාවේ යෙදුණත් එලෙස විශේෂිත උපකරණ නොපැළඳ, එක් අතක් කලිසම් සාක්කුව තුලට රුවාගෙන සැහැල්ලුවෙන් ඉලක්කය ගත් මේ වෙඩික්කරු ඇත්තටම සිටියේ සැහැල්ලුවෙන් ද ?
51 හැවිරිදි යූසුෆ් සමාජ මාධ්‍ය ඔස්සේ වෛරල් වීමෙන් අනතුරුව ප්‍රථම වතාවට තමන්ගේ සැහැල්ලු ක්‍රීඩා විලාසය ගැන අදහස් දක්වා තිබුණේ මෙලෙසින්,
"මට කවදත් ඒ උපකරණ උවමනා වුණේ නැහැ. මම ස්වභාවික වෙඩික්කරුවෙක්. ඒ නිසයි මම විශේෂ උපකරණ බොහොමයක් පාවිච්චි නොකරන්නේ."
"මම සැහැල්ලුවෙන් වගේ පෙනුනත් මගේ මානසික තත්වය ඊට හාත්පසින් වෙනස්. ඒත්, මගේ සැහැල්ලු ක්‍රීඩා විලාසය මගේ ප්‍රතිවාදීන් කලබලයට පත් කරනවා."
විශ්‍රාමික සෙබළකු වන යූසුෆ් ගේ මීළඟ ඉලක්කය 2028 ලොස් ඇන්ජලිස් ඔලිම්පික් උළෙලේ රන් පදක්කම බවයි දැනගන්නට ලැබෙන්නේ.
© අවාරා
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
20-20 තරග බිමේ වේගවත්ම ලකුණු 150 ලෝක වාර්තාව අලුත් කිරීමට නවසීලන්තයේ ෆිල් ඇලන් සමත් විය.
2020 වසරේ පැවති ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීම සඳහා ක්‍රීඩකයෙකුට යෝජනා ඉදිරිපත් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සචිත්ර සේනානායකට විරුද්ධව නීතිපතිවරයා විසින් හම්බන්තොට මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබේ.
ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් අතර අද (03) පැවැත්වීමට නියමිතය.