සෝල් නගර සභා සභික කිම් කි-ඩක් ප්‍රකාශ කර තිබුණේ ඉකුත් වසර කිහිපය පුරා ශ්‍රම බලකායේ කාන්තා සහභාගීත්වය ඉහල යාම නිසා පුරුෂයින්ට රැකියා ලබා ගැනීම සහ ඔවුන් විවාහ කර ගැනීමට කැමති කාන්තාවන් සොයා ගැනීම දුෂ්කර වී ඇති බවයි.
රට මෑතකදී “කාන්තා ආධිපත්‍යයෙන් යුත් සමාජයක් බවට පරිවර්තනය වීමට පටන් ගෙන ඇති” බවත් එය “පිරිමි සියදිවි නසාගැනීමේ උත්සාහයන් වැඩිවීමට අර්ධ වශයෙන් වගකිව යුතු” බවත් ඔහු පැවසීය.
දකුණු කොරියාව ලෝකයේ ධනවත් රටවල් අතර ඉහළම සියදිවි නසාගැනීම් අනුපාතයක් ඇති රටක් වන අතර ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳ අඩු සැලකිල්ලක් දක්වන රටක් ලෙස සැලකේ.