තෙල් හිඟයක් ගැන ව්‍යාජ පුවත්වලට නොරැවටෙන්න
තෙල් හිඟයක් ගැන ව්‍යාජ ප්‍රවෘත්තිවලට නොරැවටෙන්න ලෙස බලශක්ති අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
මැගසින් බන්ධනාගාරයේ මත්ද්‍රව්‍ය පරීක්ෂාවකදී සිදුවූ පහරදීමකින් තුවාල ලැබූ රැඳවියෙකු මියගොස් තිබේ.
අදාළ පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුට සහ තවත් රැඳවියන් දෙදෙනෙකුටය.
අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාව යටතේ පසුගිය 23වනදා මහරගම පොලීසිය මගින් අත්අඩංගුවට ගැනුණු හේවාධීර දොන් ගැමුණුජිත් නම් 54 හැවිරිදි එක්දරු පියෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.
කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරු සතුව අයිස් මත්ද්‍රව්‍ය ඇති බවට මතුවූ සැකයක් මත බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකු පසුගිය 26වනදා ඔහුව පරීක්ෂා කිරීමට උත්සාහා දරා තිබේ.
එහිදී ඔහු විසින් එම අයිස් මත්ද්‍රව්‍ය ගිලදැමීමත් සමඟ අදාළ නිලධාරීන් දෙදෙනා තවත් රැඳවියන් දෙදෙනකු සමඟ එක්ව ඔහුට අමානුෂික ලෙස පහරදී ඇති බව පොලීසිය පවසයි.
එහිදී බරපතළ තුවාල ලැබූ රැඳවියා බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇත.
එහි ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියා ඉකුත් 16 වනදා පස්වරුවේ මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.
බොරැල්ල පොලීසියේ විමර්ශන වලදී බන්ධනාගාරයේ සෙසු රැඳවියන්ද පවසා ඇත්තේ, අදාළ රැඳවියා අයිස් මත්ද්‍රව්‍ය ගිලදැමීමෙන් පසුව බන්ධානාර නිලධාරීන් දෙදෙනෙකු තවත් රැඳවියන් දෙදෙනෙකු සමඟ එක්ව ඔහුට අමානුෂික ලෙස පහරදී වමනය කරවීම සඳහා ලුණු මිශ්‍ර වතුර බෝතල් දෙකක් පෙවූ බවය.
සිද්ධිය වූ මැගසින් බන්ධනාගාරය කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් සම්පත් ජයවර්ධන මහතාගේ පරීක්ෂණයට ලක්ව ඇත.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
තෙල් හිඟයක් ගැන ව්‍යාජ ප්‍රවෘත්තිවලට නොරැවටෙන්න ලෙස බලශක්ති අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
තෙවන පාර්ශවයක් හරහා වැඩි මිලට ඖෂධ අලෙවි කිරීමේ චෝදනාව මත විශේෂඥ වෛද්‍යවරයෙකු සහ ලිපිකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉරාන ඊශ්‍රායෙල් ගැටුම ගැන සාකච්ඡා කිරීමට කාලය ලබා නොදුන්නේ යැයි කථානායකවරයාට චෝදනා කර ඊට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් මීට ස්වල්ප මොහොතකට පෙර පාර්ලිමේන්තු සභා ගර්භයෙන් පිටව ගොස් තිබේ.