පළාත් තුනක පාසල් 640ක් හෙට ආරම්භ නොවන බවට දැනුම්දීමක්
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.
අන්තර්ජාලය හරහා අලෙවි කරනු ලබන සම සුදු කර ගැනීමේ අලේපන සහ දියර වර්ග භාවිතයෙන් සෞඛ්‍ය පිළිබඳ ගැටලු රැසක් මතුව ඇති බැවින් ඒවා භාවිතයේ දී වඩාත් සැලකිලිමත් විය යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
පාරිභෝගික හා තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර ප්‍රකාශ කළේ ආලේපන වර්ග වෙළදාමට පනවා තිබූ නියාමනයන් සම්බන්ධයෙන් ද ගැටලුකාරී තත්ත්වයක් පවතින බව යි.
"විශේෂයෙන් සමාජ මාධ්‍යට ගියොත් දකින්න ලැබෙනවා වෙළෙඳ දැන්වීම් එනවා ඉතාමත් ලස්සන කාන්තාවක් ඇවිල්ලා මම ගාන්නේ අහවල් ක්‍රීම් වර්ගය කියලා එයා ක්‍රීම් වර්ගයක් ඉදිරිපත් කරනවා වෙන්නේ පුළුවන්. අපි ඒක දකින්නේ වෙළෙඳ දැන්වීමක් ලෙස තමයි.
ඒ වෙළෙඳ දැන්වීම අපි ඔබලා බැලුවොත් ඒ වෙළෙඳ දැන්වීම දාපු කෙනාගේ දුරකථන අංකයක් විතරක් තියෙන අවස්ථා තියෙන්න පුළුවන්. සමහර විට දුරකථන අංකයකුත් නැහැ, ලිපිනයකුත් නැහැ. විශේෂයෙන්ම සමේ ආලෙප කරන මේ වගේ දේවල් අපි ගෙන්නගෙන පාවිච්චි කරලා යම් කිසි ගැටලුවක් අවොත් එහෙම අපිට හොයාගන්න බැහැ කොයි වගේ පුද්ගලයෙක්ද අපිට මේ භාණ්ඩය විකුණුවේ කියලා.
ඒ කියන කාරණය සම්බන්ධයෙන් අපේ කාන්තාවන් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ සාමාජ මාධ්‍ය ඔස්සේ මේ වගේ දෙවල් ඇනවුම් කරලා ලබාගැනීම සම්බන්ධයෙන්. විශේෂයෙන්ම ඔය කියන ක්‍රීම් වර්ග ආලේපන වර්ග භාවිතා කිරීමෙන් අපි අයින් වෙන්න ඕනේ."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.
ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහි සිදුවූ වෙඩි ප්‍රහාර මාලාවෙන් එම ප්‍රදේශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුටත් හානියක් සිදු ව නොමැති බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පවසා තිබේ.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් හෙට දින (16) සිට දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැසි වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.