පළාත් තුනක පාසල් 640ක් හෙට ආරම්භ නොවන බවට දැනුම්දීමක්
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.
වැලිවේරිය හා අක්මීමන වෙඩි තැබීම් සිදු කළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.
පොලීසිය සඳහන් කළේ, ඒ සඳහා පොලිස් කණ්ඩායම් 07 ක් පත් කර ඇති බවයි.
වැලිවේරිය අරලියගස්දෙක හන්දිය ප්‍රදේශයේ ඊයේ (13) රාත්‍රි කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලැබුවේය.
පොලීසිය සඳහන් කළේ, වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.
ඔහු මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්ව තිබේ.
එලෙස තුවාල ලබා ඇත්තේ 26 හැවිරිදි උඩුගම්පොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 03ක් යොදවා ඇතැයි පොලිසිය පවසයි.
මේ අතර ගාල්ල අක්මීමන තලගහ ප්‍රදේශයේ වෙඩි තැබිම පිළිබඳ විමර්ශනයට පොලිස් කණ්ඩායම් 04ක් අනියුක්ත කර තිබේ.
ඊයේ(13) පස්වරුවේ කළ මෙම වෙඩි තැබීමෙන් බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු සහකාර අධිකාරිවරයෙකු මිය ගියේය.
පොලීසිය සඳහන් කළේ ඔහු සිය මිදුලේ සිටියදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තබා පලාගොස් ඇති බවයි.
සැකකරුවන් පැමිණි බව කියන යතුරු පැදි දෙකක් යක්කලමුල්ල ප්‍රදේශයේ දමා ගොස් තිබියදි සොයා ගත් බව පොලීසිය සඳහන් කළේ ය.
වෙඩි තබා ඇත්තේ මීලිමිටර් 9 වර්ගයේ පිස්තෝලයකිනි.
ඝාතනයට ලක්වු 61 හැවිරිදි බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු සහකාර අධිකාරිවරයා පසුගිය වසරේ මාර්තු මාසයේ විශ්‍රාම ගොස් තිබුණේය.
newsfirst.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.
ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහි සිදුවූ වෙඩි ප්‍රහාර මාලාවෙන් එම ප්‍රදේශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුටත් හානියක් සිදු ව නොමැති බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පවසා තිබේ.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් හෙට දින (16) සිට දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැසි වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.