නාමල් ඇතුළු දේශපාලකයන් 28කගේ වත්කම් ගැන විමර්ශනයක්
වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පැවැති ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන් ඇතුළු දේශපාලනඥයන් 28 දෙනෙකුගේ වත්කම් පිළිබඳව, නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ඉදිරි ජනාධිපතිවරණයේ දී සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස ට සහාය ලබාදීමට ඉලංගෙයි තමිල් අරසු කච්චි අවසන් තීරණය ගෙන තිබේ.
අද (16) උදෑසන වව්නියාවේ දී එම පක්ෂයේ දේශපාලන නියෝජිතයින් අතර පැවති විශේෂ රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පක්ෂයේ නායක, මාවෙයි සේනාධිරාජා පවසා සිටියේ, පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගත් තීරණය අනුව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස ට සහාය දැක්වීමට සිය පක්ෂය තීරණය කළ බවය.
අදාළ රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් පවසා සිටියේ, තමා එම මතයට කිසිසේත් එකඟ නොවන බවය.
සිංහල ජනාධිපති අපේක්ෂකයින් කිසිවෙකුත් දෙමළ ජනතාවගේ අභිලාෂ ඉටුකිරීමට ඉදිරිපත් නොවන පසුබිමක දෙමළ ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වූ දෙමළ පොදු අපේක්ෂකයා වන පාකියසෙල්වම් අරියනේත්‍රන් ට සියලුදෙනාගේ සහාය ලබාදෙන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පැවැති ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන් ඇතුළු දේශපාලනඥයන් 28 දෙනෙකුගේ වත්කම් පිළිබඳව, නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, අප්‍රිකානු සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඊශ්‍රායලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ට ඕනෑම අවස්තාවක එරටින් පිටවීම සඳහා පහසුකම් සැලසීමට සුදානම් බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසයි.