ඇලස්කාවේ හදිසි සේවා මෙයින් බලපෑමට ලක්ව ඇති බවත්, එරට ගුවන් සමාගම් කිහිපයක් ලොව පුරා සිය ගුවන් ගමන් නවතා ඇති බවත් නිවේදනය කර තිබේ.
ජර්මනියේ ලියුබෙක් සහ කියෙල් නම් නගර දෙකෙහි පිහිටි රෝහල් දෙකක හදිසි නොවන ශල්‍යකර්ම නවතා දමා ඇත.
මෙයින් වැඩිම බලපෑමක් ඕස්ට්‍රේලියාවේ මාධ්‍ය විකාශන කටයුතුවලට එල්ල වී ඇති බව වාර්තා වේ.
පැරිස් ඔලිම්පික් තොරතුරු තාක්ෂණ පද්ධතියට ද මෙයින් බලපෑම් එල්ල වී ඇති බව ඔලිම්පික් කමිටුව පවසයි.
මෙම තත්ත්වය ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර එය මයික්‍රොසොෆ්ට් මෙහෙයුම් පද්ධතිය සම්බන්ධ දෝෂයක් නිසා ඇතිවූවක් බවට වාර්තා පළ වෙයි.