මෙම සැසියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ශ්‍රී ලංකාවට තුන්වැනි ණය වාරිකය ලබාදීම ගැන තීරණය කරනු ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තුන්වැනි වාරිකය වශයෙන් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ණය මුදලේ වටිනාකම ඩොලර් මිලියන 330කි.
වැටී සිටින ආර්ථික බංකොලොත්භාවයෙන් මිදී නැවත ආර්ථික වශයෙන් ශක්තිමත් වීමට ශ්‍රී ලංකාව ජාත්‍යතර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමකට එළැඹෙන්නේ පසුගිය වසරේ දීයි. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාව විස්තීරණ ණය පහසුකම යටතේ ණය වාරික දෙකක් ලබාගෙන තිබේ. මෙම ණය පහසුකම ලබා ගැනීමේ දී ශ්‍රී ලංකා රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉටු කර පෙන්විය යුතු කොන්දේසි වලින් බහුතරයක් තවමත් ඉටු වී නොමැති බවට බොහෝ පාර්ශව අදහස් පළ කර තිබේ.