අවසන් තරග පරාජයත් සමඟ ජෝන් සීනා රෙස්ලිං වළල්ලට සමුදෙයි
පුරා වසර 23ක WWE රෙස්ලිං දිවියට තිත තබමින් 13 පැවති අවසන් තරගයෙන් පසු ජෝන් සීනා රෙස්ලිං වළල්ලට සමුදුන්නේය.
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ මෙරට දී පැවැත්වෙන සියලු තරග නොමිලේ නැරඹීමට ප්‍රවේශ පත්‍ර හිමිවන බවත්, ගේට්ටුව සවස 1 සිට විවෘතව පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
අද සිට තරග කිහිපයක් මෙරට දී ආරම්භ වීමට නියමිත අතර ඒ අනුව අද (02) සවස 3ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පාකිස්තාන සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම් අතර තරගය ආරම්භ වේ.
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 13 වැනි දිග හැරුම ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වයෙන් සැප්තැම්බර් 30 වන දා ඉන්දියාවේ ග්වාති ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය.
කණ්ඩායම් 8ක් තරග වැදීමට නියමිත මෙවර තරගාවලිය නොවැම්බර් මස 2වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
මෙවර තරගාවලියේ මූලික වටයේදී ශ්‍රී ලංකාව සහභාගි වන තරග 7න් 5ක් කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර තරග දෙකක් ඉන්දියාවේදී පැවැත් වේ.
රටවල් 8ක් එක් කුසලානයක් වෙනුවෙන් තරග වදින කාන්තා එක්දින ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැති පළමු තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 59කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්වුණි.
මේ අතර, කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා සහ ඉන්දීය කණ්ඩායම් ඊයේ (01) රාත්‍රී 8.35ට පමණ දිවයිනට පැමිණ තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
පුරා වසර 23ක WWE රෙස්ලිං දිවියට තිත තබමින් 13 පැවති අවසන් තරගයෙන් පසු ජෝන් සීනා රෙස්ලිං වළල්ලට සමුදුන්නේය.
ප්‍රකට පාපන්දු තරුවක් වන ලියොනාල් මෙසී අද (13) පෙරවරුවේ කොල්කටාහි සෝල්ට් ලේක් ක්‍රීඩාංගණයට පැමිණ කෙටි වේලාවකින් ඉන් පිටව යෑම හේතුවෙන් උරණ වූ ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගණයට බෝතල් සහ පුටු විසිකර මහත් කලබැගෑනියක් ඇතිකර තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර තෙවන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (16) පාකිස්තානයේ රාවල්පිණ්ඩිහි දී පැවැත්වේ.