අද (02) උදෑසන 10ට නිකුත් කළ නවතම නිවේදනයට අනුව පුද්ගලයින් 336ක් අතුරුදන්ව ඇත.
පවුල් 407,594කට අයත් පුද්ගලයින් 1,466,615ක් අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටී.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවට අනුව වැඩිම මරණ සංඛ්‍යාවක් වන මරණ 88ක් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.
මේ අතර බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 83ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ මරණ 75ක්,කුරුණෑගලින් මරණ 52ක් හා පුත්තලම දිස්ත්‍රික්කයෙන් මරණ 27ක් වාර්තා වී ඇත.
මහනුවර දිස්ත්‍රික්කයෙන් පුද්ගලයින් 150 දෙනෙකු, නුවරඑළියේ පුද්ගලයින් 62ක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් පුද්ගලයින් 48,බදුල්ලෙන් පුද්ගලයින් 28ක්, දෙනෙකු සහ කුරුණෑගලින් පුද්ගලයින් 27 දෙනෙකු මේ වනවිටත් ආපදා හේතුවෙන් අතුරුදන්ව ඇත.