CLOSE

පුවත්

භාරවූ දේශබන්දු ගැන මහජන ආරක්ෂක ඇමති ගෙන් විශේෂ ප්‍රකාශයක්

භාරවූ දේශබන්දු ගැන මහජන ආරක්ෂක ඇමති ගෙන් විශේෂ ප්‍රකාශයක්

අධිකරණයට භාරවූ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද (19) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ දින කිහිපයක සිටම රටේ විශේෂ අවධානයක් යොමු කරමින් සැඟව සිටි දේශබන්දු තෙන්නකෝන් මාතර අධිකරණයට භාරවී ඇති බවය.

මන්ත්‍රී අර්ච්චුනාට දින 8ක වාරණයක්

අර්ච්චුනා රාමනාදන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ සිදුකරන ප්‍රකාශ සජීවී ලෙස ශ්‍රව්‍ය, දෘශ්‍ය හා සමාජ මාධ්‍යවල සජීවී විකාශ කිරීම තාවකාලිකව අත්හිටුවන බව කථානායකවරයා අද (19) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

Read More

සැඟවී සිටි දේශබන්දු අධිකරණය හමුවට

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීට සුළු මොහොතකට පෙර මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබේ.

Read More

දේශබන්දුගේ නිවසේ විදෙස් මත්පැන් බෝතල් ගබඩාවක්

අධිකරණ නියෝගයක් මත ධූරයේ වැඩඅත්හිටුවන ලද පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ගේ අතුරුගිරිය – හෝකන්දර නිවෙසේ තිබී විදෙස් මත්පැන් බෝතල් විශාල ප්‍රමාණයක් සොයාගත් බව පොලීසිය පවසනවා.

Read More

'ගෝඨාභය කළ වරදක්' නිසා වින්දිත කාන්තාවකට වන්දි ගෙවීමට වත්මන් ආණ්ඩුවට සිදුවෙයි

2020 වසරේ හෙරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන විමර්ශනය කිරීම සඳහා එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිකුත් කරනු ලැබූ රැඳවුම් නියෝගය සම්පූර්ණයෙන් ම නීතියට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය අඟහරුවාදා (මාර්තු 18) තීන්දු කළේ ය.

Read More

දේශබන්දු විතරක් නෙවෙයි රණවීර, සෙව්වන්දි අල්ලන්න පොලිස් කණ්ඩායම් යොදවලා තියෙන්නේ

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පමණක් නොවන මේ වනවිට තවත් සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් යොදවා ඇතැයි අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

Read More

සවස 2න් පසු තද වැසි

බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල අද (18) ප.ව. 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

බ්ලොක් ඇන්ඩ් ඩීනෝට නඩු

ආදිවාසි පරපුරේ සංස්කෘතිය විකෘති කරමින් වීඩියෝ නිර්මාණයක් කර අන්තර්ජාලයට මුදා හළ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් දෙදෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් පවසනවා.

Read More

පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් උදෑසන 7 සිට වර්ජනයක

රජයේ මංගල අයවැය හරහා රජයේ පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ දීමනා කප්පාදුවට එරෙහිව අද (18) දිනයේ සංකේත වැඩවර්ජනයක නිරත වීමට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය තීරණය කර තිබේ.

Read More

පොලීසිය ජඩ මාධ්‍යට දෙහි කපයි

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරිය දූෂණය කළ සිද්ධියට අදාළව ‘බී’ වාර්තාවේ සඳහන් වෛද්‍යවරියගේ ප්‍රකාශයේ සම්පින්ඩනය උපුටා දක්වමින්, එම වින්දිත පාර්ශවය අගතියට පත් කරමින් ඇතැම් මාධ්‍ය ආයතන විසින් ප්‍රවෘත්ති පළ කර ඇති බව පොලීසිය නිවේදනය කරයි.

Read More