CLOSE

පුවත්

වාස් ගුණවර්ධන ඇතුළු හයකට පැනවූ මරණ දඬුවම තහවුරු කෙරේ

වාස් ගුණවර්ධන ඇතුළු හයකට පැනවූ මරණ දඬුවම තහවුරු කෙරේ

2013 වසරේ බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකු වන මොහොමඩ් ෂියාම් නමැත්තා පැහැරගෙන ගොස් මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් පැනවූ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (08) තහවුරු කරනු ලැබුවා.

වැලිකඩ සිද්ධියෙන් එමිල් රංජන් නිදොස් කොට නිදහස්

2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුම්වලින් සිරකරු ඝාතන චෝදනාවලට වරදකරු කෙරුණු හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා ට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ලබාදුන් මරණීය දණ්ඩනයෙන් නිදොස් කොට නිදහස් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) තීන්දු කළේය.

Read More

මෙරට ප්‍රථම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකා සුමනා නෙල්ලම්පිටිය දිවියෙන් සමුගනියි

ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාව වූ සුමනා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වී තිබේ.

Read More

ග්‍රාම නිලධාරිවරු වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමේ සූදානමක්

අත්තනෝමතික ලෙස ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව ගැසට් කිරීමට විරෝධය පළ කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානය පවසයි.

Read More

2024 පැරිස් ඔලිම්පික් : රන් පදක්කම් 24ක් දිනා ඇමරිකාව චීනය අභිබවයි

2024 ඔලිම්පික් තරගාවලියේ පදක්කම් සටහනේ පළමු ස්ථානයේ සිටි චීනය අභිබවා පෙරමුණ ගැනීමට ඇමරිකාව සමත් වී තිබේ.

Read More

විජයදාස ගෙන් හිස් වූ අධිකරණ ඇමතිධුරය ජනපති යටතට

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතට පත් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

Read More

ඒ.වී.සුරවීර සාහිත්‍ය සේවය ඇගයීම පිණිස විචාර තරගයක්

මහාචාර්ය ඒ.වී. සුරවීර සුධීමතුන්ගේ සාහිත්‍ය සේවය ඇගයීම පිණිස සංවිධානය කරනු ලබන සමස්ත ලංකා පාසල් කෙටිකතා විචාර තරගයට විචාර බාර ගැනීම මේ දිනවල සිදුකෙරේ.

Read More

2024 ජනාධිපතිවරණය : ඇප තැම්පත් කළ ගණන 22ක්

2024 සැප්තැම්බර් 21 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් විසි දෙදෙනෙක් දෙනක් මේ දක්වා ඇප මුදල් තැම්පත් කර ඇතැයි මැතිවරණ කොමිසම නිවේදනය කරයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉතිහාසය අලුත් කරයි

සංචාරක ඉන්දීය කණ්ඩායම පරාජය කර තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන්ද ලකුණු 110ක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

Read More