ෆින් ඇලන් ගෙන් T20 ලෝක වාර්තාවක්
20-20 තරග බිමේ වේගවත්ම ලකුණු 150 ලෝක වාර්තාව අලුත් කිරීමට නවසීලන්තයේ ෆිල් ඇලන් සමත් විය.
මෙවර ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.
ඒ, බටහිර ඉන්දීය කොදෙව් මාස්ටර්ස් කණ්ඩායම සමග පැවති අවසන් මහා තරගය කඩුලු 6 කින් ජය ගනිමිනි.
ඉන්දියාවේ, රායිපූර්හිදි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් මාස්ටර්ස් කණ්ඩායම තීරණය කළේ, පළමුව පන්දුවට පහර දීමටයි.
ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් කොදෙව් මාස්ටර්ස් කණ්ඩායම, පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 148 කි.
ලකුණු 149 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය මාස්ටර්ස් කණ්ඩායම පන්දුවාර 17 යි පන්දුවක් තුළ කඩුලු 4 ක් දැවී සිටියදී තරගය ජය ගත්තේ ය.
අගනා ඉනිමක් ක්‍රීඩා කළ අම්බාති රායුඩු පන්දු 50 කදී ලකුණු 74 ක් රැස් කළේ ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
20-20 තරග බිමේ වේගවත්ම ලකුණු 150 ලෝක වාර්තාව අලුත් කිරීමට නවසීලන්තයේ ෆිල් ඇලන් සමත් විය.
2020 වසරේ පැවති ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීම සඳහා ක්‍රීඩකයෙකුට යෝජනා ඉදිරිපත් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සචිත්ර සේනානායකට විරුද්ධව නීතිපතිවරයා විසින් හම්බන්තොට මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබේ.
ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් අතර අද (03) පැවැත්වීමට නියමිතය.