ඒ අනුව, ගල් පෙරලීමේ අවදානම හේතුවෙන් නැවත දැනුම්දෙන තුරු සෑම දිනකම පස්වරු 6:00 සිට පෙරවරු 6:00 දක්වා එම මාර්ග කොටස වසා තබන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත පවසයි.
වැඩිදුරටත් අදහස් පළ කළ දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ, මේ වනවිට හුන්නස්ගිරිය කහටගොල්ල ප්‍රදේශය ආශ්‍රිතව ප්‍රධාන මාර්ගයට ගල් පෙරළී ඇති බැවින් තවදුරටත් ගල් පෙරළීමේ අවදානමක් ඇති බැවින් මාර්ගය තාවකාලික වසා දැමීමට පියවර ගත් බවයි.
දහවල් කාලයේ වුවද මාර්ගයට ගල් පෙරළීමේ අවදානම පවතින බැවින් දහවල් කාලයේ මෙම මාර්ගය භාවිත කරන රියදුරන් ඉතාමත් කල්පනාකාරීව කටයුතු කළ යුතු බවද දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය.
අවදානම් සහිත ගල් ඉවත් කිරීමෙන් අනතුරුව නැවත මාර්ගය විවෘත කිරීමට සැලසුම් කර තිබේ.