තෙල් හිඟයක් ගැන ව්‍යාජ පුවත්වලට නොරැවටෙන්න
තෙල් හිඟයක් ගැන ව්‍යාජ ප්‍රවෘත්තිවලට නොරැවටෙන්න ලෙස බලශක්ති අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
අධිකරණයට භාරවූ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද (19) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ දින කිහිපයක සිටම රටේ විශේෂ අවධානයක් යොමු කරමින් සැඟව සිටි දේශබන්දු තෙන්නකෝන් මාතර අධිකරණයට භාරවී ඇති බවය.
එමෙන්ම ඊයේ (18) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් හෝකන්දර ප්‍රදේශයේ දේශබන්දු තෙන්නකෝන් ගේ නිවස පරීක්ෂාවට ලක් කළ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
එහි තිබී විදේශීය මත්පැන් බෝතල් 795ක්, වයින් බෝතල් 214ක් ලෙස මත්පැන් බෝතල් 1009ක් සොයාගෙන ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම ඔහුගේ ගිනිඅවිය බවට සැක කෙරෙන පිස්තෝල වර්ගයේ අවියක් සහ නවීන ජංගම දුරකථන දෙකක් ද නිවසේ තිබී නිලධාරීන් භාරයට ගෙන තිබේ.
මෙම ජංගම දුරකථන හරහා තොරතුරු විශාල ප්‍රමාණයක් අනාවරණය කරගැනීමට හැකිවෙනු ඇති බවද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඉදිරියේදී මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට බලාපොරොත්තුවෙන බවද මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල වැඩිදුරටත් සඳහන් කළේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
තෙල් හිඟයක් ගැන ව්‍යාජ ප්‍රවෘත්තිවලට නොරැවටෙන්න ලෙස බලශක්ති අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
තෙවන පාර්ශවයක් හරහා වැඩි මිලට ඖෂධ අලෙවි කිරීමේ චෝදනාව මත විශේෂඥ වෛද්‍යවරයෙකු සහ ලිපිකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉරාන ඊශ්‍රායෙල් ගැටුම ගැන සාකච්ඡා කිරීමට කාලය ලබා නොදුන්නේ යැයි කථානායකවරයාට චෝදනා කර ඊට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් මීට ස්වල්ප මොහොතකට පෙර පාර්ලිමේන්තු සභා ගර්භයෙන් පිටව ගොස් තිබේ.