තෙල් හිඟයක් ගැන ව්‍යාජ පුවත්වලට නොරැවටෙන්න
තෙල් හිඟයක් ගැන ව්‍යාජ ප්‍රවෘත්තිවලට නොරැවටෙන්න ලෙස බලශක්ති අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පමණක් නොවන මේ වනවිට තවත් සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් යොදවා ඇතැයි අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
අද (18) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.
"දේශබන්දු තෙන්නකෝන් පමණක් නොව තවත් කිහිපදෙනෙක්ම ඉන්නවා පොලිස් කණ්ඩායම් යොදවලා අත්අඩංගුවට ගන්න. ඔබ අපිට කියන්නේ නෑනේ ප්‍රසන්න රණවීරත් එක්ක මොකක් හරි ඩීල් එකක් තියෙනවා කියලා. අපි එයාවත් හොයනවා. සෙව්වන්දිවත් හොයනවා. තව ඔබලා නම නොදන්න කිහිපදෙනෙක් හොයනවා. පොලිස් කණ්ඩායම් යොදවලා තියෙන්නේ. ගණේමුල්ල සංජීව ඝාතනයේ 13ක් මේ වෙද්දි අත්අඩංගුවට ගෙන තියෙනවා. නඩු පැවරීම ආරම්භ කරනවා. ඒ අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ බන්ධනාගාර ජේලර්වරයෙකුත් ඉන්නවා. මේ පරීක්ෂණ කරගෙන යනකොට රාජ්‍ය යාන්ත්‍රණය තුළටත් නිලධාරීන් අත්අඩංගුවට ගැනීම දක්වා විහිදිලා තියෙන්නේ. පොලීසිය උපරිමය කටයුතු කරමින් ඉන්න කියන්න පුළුවන්. ඒ නිසා ගැලවෙන්න බෑ. අපි නොදන්න පොලීසිය නොදන්න කරුණු ඔබ දන්නවා නම් ඉදිරිපත් කරන එක තමා හොඳ. අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක වෙන බවට සහතික වෙන්න පුළුවන්."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
තෙල් හිඟයක් ගැන ව්‍යාජ ප්‍රවෘත්තිවලට නොරැවටෙන්න ලෙස බලශක්ති අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
තෙවන පාර්ශවයක් හරහා වැඩි මිලට ඖෂධ අලෙවි කිරීමේ චෝදනාව මත විශේෂඥ වෛද්‍යවරයෙකු සහ ලිපිකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉරාන ඊශ්‍රායෙල් ගැටුම ගැන සාකච්ඡා කිරීමට කාලය ලබා නොදුන්නේ යැයි කථානායකවරයාට චෝදනා කර ඊට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් මීට ස්වල්ප මොහොතකට පෙර පාර්ලිමේන්තු සභා ගර්භයෙන් පිටව ගොස් තිබේ.