පළාත් තුනක පාසල් 640ක් හෙට ආරම්භ නොවන බවට දැනුම්දීමක්
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.
එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණ ජන්ද විමසීම වෙනුවෙන් නොවැම්බර් 13 සහ 14 දෙදින නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ විශ්වවිද්‍යාල සිසුන්ගේ ඡන්ද අයිතිය සුරක්ෂිත කිරීම සඳහා මෙම පියවර ගත් බවය.
මේ අතර එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණ ජන්ද විමසීමේදී රාජ්‍ය විශ්ව විද්‍යාල කාර්යමණ්ඩල වලට මෙන්ම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ද ජන්දය ප්‍රකාශ කල හැකි අයුරින් නිවාඩු ලබා දීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිශන් සභාව දැනුම් දී තිබේ.
ඒ අනුව රජ්‍ය විශ්ව විද්‍යාල යටතට නොගැනෙන පෞද්ගලික විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන විසින්ද කාර්ය මණ්ඩල හා සිසුන්ට ජන්දය භාවිතා කිරීමට හැකි වන පරිදි නිවාඩු ලබා දිය යුතු බව මැතිවරණ කොම්සම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
එමෙන්ම 2006 වසරේ මැයි මස 31වන දිනට පෙර උපන් වසය අවුරුදු 18 සම්පූර්ණ වන අයගේ නම් ද ජන්ද හිමි නාමලේණයේ ලියාපදිංචි ඇති බව සදහන් වේ.
ඒ අනුව උසස් පෙල සිසුන්ට ජන්දය ප්‍රකාශ කිරීමට හැකි වන පරිදි උසස්පෙල උපකාරක පන්ති යොදා ගන්නා ලෙසද මැතිවරණ කොමිසන් සභාව අදාළ ලිපිය මගින් දැනුම් දී ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.
ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහි සිදුවූ වෙඩි ප්‍රහාර මාලාවෙන් එම ප්‍රදේශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුටත් හානියක් සිදු ව නොමැති බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පවසා තිබේ.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් හෙට දින (16) සිට දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැසි වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.