පළාත් තුනක පාසල් 640ක් හෙට ආරම්භ නොවන බවට දැනුම්දීමක්
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.
2024 ජනාධිපතිවරණයට අදාළව ආදායම් සහ වියදම් භාරදුන් ජනපති අපේක්ෂකයින් 35 දෙනකු සිටින බව නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.
ඒ අනුව, බත්තරමුල්ලේ සීලරතන හිමි, සරත් කීර්තිරත්න, අරියනේත්තිරන් පාක්කිය සෙල්වම් යන අපේක්ෂකයින් තිදෙනා ආදායම් වියදම් වාර්තා වෙන වෙනම සකස් කර භාර දී නැති බව කොමිසම දන්වා සිටි.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින්ගේ වියදම් වාර්තා ලබාදීමට ඇති කාලය ඊයේ (13) මධ්‍යම රාත්‍රී 12න් අවසන් විය.
එම කාලය තුළ අදාළ වාර්තා ලබා නොදෙන අපේක්ෂයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර තිබුණි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.
ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහි සිදුවූ වෙඩි ප්‍රහාර මාලාවෙන් එම ප්‍රදේශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුටත් හානියක් සිදු ව නොමැති බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පවසා තිබේ.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් හෙට දින (16) සිට දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැසි වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.