ආපදා හේතුවෙන් සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන්ට විශේෂ නිවාඩු
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන පැවසීය.
කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සලකා බැලූ එම යෝජනාව එක්සත් ජාතික පක්ෂය සමඟ සංධානගතව තරඟ කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු කණ්ඩායම සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම ඇතුළු සෙසු පක්ෂ සමඟද සාකච්ඡා කොට අවසන් තීරණයකට එළඹීමට නියමිතව ඇතැයි ද රුවන් විජයවර්ධන සඳහන් කළේය.
මහ මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ තවත් විශේෂ රැස්වීම් කිහිපයක් හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණු අතර එහිදී මෙම කරුණු සාකච්ඡා වී තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ දිස්ත්‍රික් නායකයෝ ද, ආසන සංවිධායකවරු, කළමණාකාරවරු ඇතුළු පක්ෂ ක්‍රියාකාරීහු මීට සහභාගී වූහ.
lankadeepa.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
පවතින ආපදා තත්ත්වය සහ උත්සව සමය පාදක කරගනිමින් ගර්භණී කාන්තාවන්ට ලබාදීමට නියමිත රු 5,000ක පෝෂණ දීමනාව අද (16) සිට ලබාදීමට කටයුතු යොදා තිබේ.
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.