අවසන් තරග පරාජයත් සමඟ ජෝන් සීනා රෙස්ලිං වළල්ලට සමුදෙයි
පුරා වසර 23ක WWE රෙස්ලිං දිවියට තිත තබමින් 13 පැවති අවසන් තරගයෙන් පසු ජෝන් සීනා රෙස්ලිං වළල්ලට සමුදුන්නේය.
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අදයි.
අද (29) තරගය පෙරවරු 10ට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.
ඊයේ (28) තරගය නිමාවට පත්වන විට සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටි නවසීලන්ත කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණු 199ක් ලබා සිටියේය.
ඒ අනුව නවසීලන්ත කණ්ඩායම ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 315ක් පිටුපසින් පසුවෙයි.
තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සදහා කඩුලු 05ක් පමණක් බිද වැටී ලකුණු 602ක් ලබා ගැනීමට සමත් විය.
කෙසේවෙතත් නවසීලන්ත කණ්ඩායමට සිය පළමු ඉනිමේ දී ලබා ගත හැකි වුයේ ලකුණු 88ක් පමණි.
එහිදී ප්‍රභාත් ජයසුරිය කඩුලු 06ක් බිඳ දැමු අතර නිෂාන් පීරිස් කඩුලු 03ක් බිඳ හෙළීමට සමත් විය.
ඉනිමක පරාජයෙන් බේරීම සඳහා යළිත් පන්දුවට පහර දීමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම අයහපත් කාලගුණය හේතුවෙන් තරගය නතර කරන විට කඩුලු 05ක් බිද වැටී ලකුණු 199ක් ලබා සිටියේය.
පන්දු යැවීමේ දී නිෂාන් පීරිස් කඩුලු 03ක් බිඳ හෙළු අතර ප්‍රභාත් ජයසුරිය සහ ධනංජය ද සිල්වා අතර එක කඩුල්ල බැගින් බෙදී ගියේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
පුරා වසර 23ක WWE රෙස්ලිං දිවියට තිත තබමින් 13 පැවති අවසන් තරගයෙන් පසු ජෝන් සීනා රෙස්ලිං වළල්ලට සමුදුන්නේය.
ප්‍රකට පාපන්දු තරුවක් වන ලියොනාල් මෙසී අද (13) පෙරවරුවේ කොල්කටාහි සෝල්ට් ලේක් ක්‍රීඩාංගණයට පැමිණ කෙටි වේලාවකින් ඉන් පිටව යෑම හේතුවෙන් උරණ වූ ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගණයට බෝතල් සහ පුටු විසිකර මහත් කලබැගෑනියක් ඇතිකර තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර තෙවන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (16) පාකිස්තානයේ රාවල්පිණ්ඩිහි දී පැවැත්වේ.