කිසිදු ලියවිල්ලක් නැතිව රැඳවියන් 30 දෙනෙකු බන්ධනාගාරවලින් නිදහස් කරලා
කිසිදු ලියවිල්ලක් නොමැතිව රැඳවියන් 30 දෙනෙකු බන්ධනාගාරවලින් නිදහස් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබේ.
බිඳ වැටුණු මෙරට ආර්ථිකය නැවත ගොඩනැඟීමට පසුගිය දෙවසර තුළ රජය ගෙන ගිය වැඩපිළිවෙළ හේතුවෙන්, රට ඉදිරියට ගෙන යාමේ ගමනට ඉන්දියාව, ජපානය ඇතුළු සියලු මිත්‍රශීලි රටවල සහාය හිමිව තිබෙන බව ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ පැවසීය.
ඉන්දීය රජය සමඟ එක්ව ත්‍රිකුණාමලය පුළුල් සංවර්ධනයකට ලක් කරන බව පැවසූ ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ 2025 වසරේදී ජනතාවගේ ජීවන ගැටළුවලට විසඳුම් ලබා දෙමින් මුළුතැන්ගෙයි සටන නිමා කරන බවද අවධාරණය කළේ අද (16) පෙරවරුවේ කන්තලේ දුම්රියපොළ ඉදිරිපිට පැවති “රනිල්ට පුළුවන්” ජන රැලිය අමතමිනි.
එහිදී ජනතාවගෙන් ඉදිරිපත් වු ඉල්ලීම අනුව කන්තලේ සීනි කර්මාන්ත ශාලාව යළි ඇති කිරීම ඇතුළු ත්‍රිකුණාමලයට කර්මාන්ත කලාපයක් ලබා දීමටත්, වෙරුගල්ආරු පාලම ඉදිකරදීමටත් කටයුතු කරන බව ඔහු ප්‍රකාශ කළේය.
ජන රැලිය ඇමතූ ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කළේ අද දේශප්‍රේමිත්වය ගැන කථා කරන සජිත් හා අනුර පසුගිය ආර්ථික අර්බුදය හමුවේ ජනතාව අතහැර පළා ගිය බවයි.
වසර දෙකකට පසු රටේ ආර්ථිකය ස්ථාවර කිරීමත් සමඟ අද රට ඉල්ලා 38 දෙනෙක් පොරකන බවද ඔහු එහිදී පැවසීය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
කිසිදු ලියවිල්ලක් නොමැතිව රැඳවියන් 30 දෙනෙකු බන්ධනාගාරවලින් නිදහස් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබේ.
වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පැවැති ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන් ඇතුළු දේශපාලනඥයන් 28 දෙනෙකුගේ වත්කම් පිළිබඳව, නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, අප්‍රිකානු සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.