නාමල් ඇතුළු දේශපාලකයන් 28කගේ වත්කම් ගැන විමර්ශනයක්
වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පැවැති ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන් ඇතුළු දේශපාලනඥයන් 28 දෙනෙකුගේ වත්කම් පිළිබඳව, නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
වී අලෙවි මණ්ඩලය මඟින් වී මිල දී ගත යුතු මිල ගණන් ඇතුළු තීරණ කිහිපයක් සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2024 යල කන්නයේ වී අස්වනු නෙළීම මේ වන ආරම්භ කර ඇති අතර, යල කන්නයේ වී මිල දී ගැනීම සඳහා සහනදායි පොලී අනුපාතයක් මත වාණිජ බැංකු හරහා රුපියල් මිලියන 6,000ක උපරිමයක් දක්වා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට ඔඩපණ ණය ලබා දීම පිණිස දැනමත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. වී මිල දී ගැනීමේ තරඟකාරීත්වය ඉහළ නැංවීම සහ එළඹෙන මහ කන්නයේ නිෂ්පාදනය දිරිගැන්වීමේ අරමුණින් ජනාධිපතිවරයා සහ කෘෂිකර්ම සහ වැවිලි කර්‌මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද යෝජනා සැලකිල්ලට ගනිමින් පහත සඳහන් පරිදි කටයුතු කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දෙන ලදී:
* 2024 යල කන්නයේ රජයේ වී මිල දී ගැනීමේ වැඩසටහන සඳහා සක්‍රීයව සහභාගී වීමට හැකි වන පරිදි වී අලෙවි මණ්ඩලය වෙත රුපියල් මිලියන 500ක ප්‍රතිපාදන සලසා දීම.
* වී අලෙවි මණ්ඩලය මඟින් නාඩු වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 105/- බැගින් ද, සම්බා වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 115/- බැගින් ද, කීරි සම්බා වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 130/- බැගින් ද මිල දී ගැනීම.
* එළඹෙන මහ කන්නයේදී උපරිම වී අස්වැන්නක් ලබා ගැනීමට හැකි වන පරිදි වී වගාව සඳහා ගොවීන් දිරිගැන්වීම පිණිස දැනට හෙක්ටයාර එකක් සඳහා ගෙවනු ලබන රුපියල් 15,000/-ක් වන පොහොර සහනාධාරය හෙක්ටයාර එකක් සඳහා රුපියල් 25,000/- දක්වා වැඩි කිරීම.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පැවැති ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන් ඇතුළු දේශපාලනඥයන් 28 දෙනෙකුගේ වත්කම් පිළිබඳව, නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, අප්‍රිකානු සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඊශ්‍රායලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ට ඕනෑම අවස්තාවක එරටින් පිටවීම සඳහා පහසුකම් සැලසීමට සුදානම් බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසයි.