ආපදා හේතුවෙන් සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන්ට විශේෂ නිවාඩු
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුගතපාල සෙනරත් යාපා අභාවප්‍රාප්ත වී තිබේ.
මිය යන විට ඔහු 89 වෙනි වියෙහි පසු විය.
‘හන්තානේ කතාව‘, ‘පෙම්බර මධු’, ‘ඉන්දුට මල් මිටක්’ ආදී චිත්‍රපට රැසක් දේශීය සිනමාවට දායාද කළ සුගතපාල සෙනරත් යාපා 1965 වසරේ නිෂ්පාදනය කරන ලද ‘මිනිසා සහ කපුටා’ කෙටි චිත්‍රපටය වෙනුවෙන් ඉන්දීය ජාත්‍යන්තර කෙටි චිත්‍රපට උළෙලේදී රජත මයුර සම්මානයට පාත්‍ර විය.
සිනමාවට කලාකරුවන් රැසක් හඳුන්වා දෙමින් විශ්වවිද්‍යාල සිනමා පාඨමාලාවල බාහිර කථිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කළ සුගතපාල සෙනරත් යාපා කලක් ජාතික රූපවාහිනියෙහි නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු ලෙසද කටයුතු කළේ ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
පවතින ආපදා තත්ත්වය සහ උත්සව සමය පාදක කරගනිමින් ගර්භණී කාන්තාවන්ට ලබාදීමට නියමිත රු 5,000ක පෝෂණ දීමනාව අද (16) සිට ලබාදීමට කටයුතු යොදා තිබේ.
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.