ඔහුගේ පෞද්ගලික ජෙට් යානය ල බූගේ ගුවන් තොටුපළට ගොඩබැස්සවීමෙන් පසු ඩුරොව් අත්අඩංගුවට ගෙන ඇතැයි ප්‍රංශ මාධ්‍ය වාර්තා කරයි.
නිලධාරීන්ට අනුව 39 හැවිරිදි ප්‍රකෝටිපතියා අත්අඩංගුවට පත්ව ඇත්තේ ටෙලිග්‍රෑම් යෙදුමට සම්බන්ධ චෝදනා සඳහා වරෙන්තුවක් යටතේ යි.
පරිපාලකවරුන් ප්‍රමාණවත් නොවීම සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වන අතර, ටෙලිග්‍රෑම් යෙදුමේ සාපරාධී භාවිතයන් මැඩලීමට පියවර ගැනීමට අපොහොසත් වී ඇති බවට ද ඩුරොව් ට එරෙහිව චෝදනා එල්ල වී ඇත.
මත්ද්‍රව්‍ය ජාවාරම, ළමා ලිංගික අන්තර්ගත සහ වංචා සම්බන්ධයෙන් පවතින නීති යටතේ ක්‍රියාත්මක වීමට අපොහොසත් වීම ගැන මින්පෙර මෙම යෙදුමට චෝදනා එල්ල වී
තිබුණි.