ආපදා හේතුවෙන් සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන්ට විශේෂ නිවාඩු
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
ඊශ්‍රායලයේ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින් ඉදිරි දිනවල සිය ආරක්ෂාව පිළිබඳ සැළකිලිමත් වන ලෙස ඊශ්‍රායලයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.
ඒ, ඉදිරි දිනවල මැදපෙරදිග කලාපයේ ගැටුම් උත්සන්න වීමට හැකියාව පැවතීම හේතුවෙන්.
ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර සඳහන් කළේ, මෙම තත්ත්වය හමුවේ නිරන්තරයෙන් තම ආරක්ෂාව පිළිබඳව අවදානය යොමු කරන ලෙසත්, අත්‍යවශ්‍ය කරුණකට හැර සේවා ස්ථානයෙන් පිටත්ව නොයන ලෙසත් ඔවුන්ට දැනුම් දී ඇති බවයි.
හදිසි අවස්ථාවක දී තම සේවා ස්ථානවල ඇති ආරක්ෂක කුටි භාවිත කරන ලෙස හා දින කීපයකට අවශ්‍ය ආහාර, ඖෂධ ගබඩා කර තබා ගන්නැයි ඔවුන්ට දැනුම් දුන් බවද තානාපතිවරයා පවසා තිබෙනවා.
ඊශ්‍රායල් රජය ඇතිවිය හැකි ඕනෑම අවස්ථාවකට මුහුණදීම සඳහා රෝහල් හා ගිලන් රථ සේවා සූදානම් කර ඇති බව ද සඳහන්.
මේ අතර, ඊශ්‍රායලයේ වෙසෙන තම ඥාතීන් පිළිබඳව අනිසි බියක් ඇති කර නොගන්නා ලෙස තානාපතිවරයා මෙරට ඥාතීන්ගෙන්ද ඉල්ලීමක් කරනවා.
ඔහු සඳහන් කළේ, ඊශ්‍රායලේ සේවයේ නියුතු පුද්ගලයින් සමග සමීප සම්බන්ධතා පවත්වමින් සිටින බවයි.
මේ වනවිට ඊශ්‍රායලයට විරුද්ධව රටවල් කිහිපයක් ප්‍රහාර එල්ල කරන බවට අනතුරු ඇඟවීම් කර ඇති බවද තානාපතිවරයා ප්‍රකාශ කළා.
දැනට ඊශ්‍රායලයේ රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව එකොලොස් දහසකට අධිකයි.
news19.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
පවතින ආපදා තත්ත්වය සහ උත්සව සමය පාදක කරගනිමින් ගර්භණී කාන්තාවන්ට ලබාදීමට නියමිත රු 5,000ක පෝෂණ දීමනාව අද (16) සිට ලබාදීමට කටයුතු යොදා තිබේ.
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.