ආපදා හේතුවෙන් සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන්ට විශේෂ නිවාඩු
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයේ සහ එහි අතු ගංඟාවල ජල මට්ටම සැලකිය යුතු ලෙස ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එම තත්ත්වය හේතුවෙන් අත්තනගල්ල, ගම්පහ, ජාඇල, වත්තල වැනි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල, අත්තනගලු ඔය සහ උරුවල් ඔය දෙපස සිටින ජනතාව අවධානයෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු එස්. පී. සී සුගීෂ්වර සඳහන් කළේය.
"මේ දක්වා ඇතිවුණු වර්ෂාපතනය මත සැලකිය යුතු ගංවතුර මට්ටමක් ඇතිවීමේ හැකියාවක් තියෙනවා සහ ගංගා ද්‍රෝණිය අධික තෙත් තත්ත්වයට පත්වෙලා තියෙනවා. ඒ නිසා අද දිනය තුළ සැලකිය යුතු වර්ෂාපතනයක් අත්තනගලු ඔය සහ උරුවල් ඔය ධාරා ප්‍රදේශයට ලැබුණොත් ඉතා පහසුවෙන් ගංගා ද්‍රෝණිය සැලකියයුතු ඉහළ ගංවතුර තත්ත්වයකට පත්වීමේ අවදානම පවතිනවා. ඒ නිසා මේ ප්‍රදේශවල මහජනතාව මේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කළ යුතුයි."
මේ අතර කළු ගඟේ අතුගංගාවක් වන කුඩා ගඟේ ජල මට්ටම මිල්ලකන්ද ප්‍රදේශයෙන් ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
කළු ගඟේ ජල මට්ටමද සමහර ප්‍රදේශවල ඉහළ යමින් පවතින බව සුගීෂ්වර සඳහන් කළේය.
එමෙන්ම ගිං ගඟේ ජල මට්ටම බද්දේගම ප්‍රදේශයෙන් අවධානය යොමු කළ යුතු තත්ත්වයක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
පවතින ආපදා තත්ත්වය සහ උත්සව සමය පාදක කරගනිමින් ගර්භණී කාන්තාවන්ට ලබාදීමට නියමිත රු 5,000ක පෝෂණ දීමනාව අද (16) සිට ලබාදීමට කටයුතු යොදා තිබේ.
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.