ඒ සම්බන්ධයෙන් තමන්ට සුබවාදී හැඟීමක් ඇතැයි එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සිකුරාදා ප්‍රකාශ කර තිබුණි. ඔහු එලෙස කියා තිබුනේ කටාර් හිදී දින දෙකක් පුරා පැවති එක්සත් ජනපද පිටුබලය ලත් සාකච්ඡා වටවලින් අනතුරුව යි.
"අපි වෙන කවරදාටත් වඩා සමීපයි,'' යනුවෙන් ඔහු පවසා තිබුණි.
කෙසේ වෙතත්, හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් බීබීසීයට ප්‍රකාශ කර තිබුණේ කිසිදු ප්‍රගතියක් දක්නට නොමැති අතර සාකච්ඡාවල මැදිහත්කරුවන් ලෙස ක්‍රියාකරන්නන් "රැවටිල්ල විකුණමින් සිටින" බවයි.
ඊශ්‍රායලය ප්‍රකාශ කළේ “ හමාස් සටන්කාමීන් විසින් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ ගනුදෙනුව ප්‍රතික්ෂේප කිරීම වැළක්වීමට එක්සත් ජනපදය සහ මැදිහත්කරුවන් ගන්න උත්සාහය අගය කරන” බවයි.