මීටර 3800ක පමණ උසකින් පිහිටි තේම් නම් ගම්මාන ගංවතුරට යටවී ඇත්තේ ග්ලැසියර විලක ඉවුරු කැඩී යාමෙන් පසු බවයි විශේෂඥයින් අනුමාන කරන්නේ.
දේශගුණික විපර්යාස හේතුවෙන් හිමාල කඳුකරයේ ග්ලැසියර විශාල ප්‍රමාණයක් දියවී යන බවට විද්‍යාඥයන් අනතුරු අඟවා තිබේ.
ගංවතුරෙන් නිසා මරණ හෝ තුවාල කිසිවක් වාර්තා වී නැති නමුත් නිවාස, පාසලක් සහ සෞඛ්‍ය සායනයක් ඇතුළු ගොඩනැගිලි විශාල ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වී ඇත.
තේම් යනු බොහෝ එවරස්ට් කඳු නගින්නන්ගේ නිවහන වන අතර ගවේෂක එඩ්මන්ඩ් හිලරි සමඟ එවරස්ට් කන්ද තරණය කළ පළමු පුද්ගලයා වන ෂර්පා ටෙන්සිං නෝර්ගේ උපන්ගම ද වේ.