මදුරු මර්දන සතියක් 30 සිට : ඩෙංගු රෝගීන් 26,000ඉක්මවයි
ජූනි 30 වැනිදා සිට ජුලි මස 05 වැනිදා දක්වා දිස්ත්‍රික් 16ක මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
පයාගල පොලිසියේ රථවාහන අංශයේ නිලධාරින් පිරිසක් විසින් යතුරුපැදියක් නොනැවත්වූ බව පවසමින් 16 හැවිරිදි පාසල් සිසුවෙකුට අමානුෂික ලෙස පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර තිබේ.
පසුගිය 07 වනදා අදාළ සිසුවා, පියාට අයත් යතුරුපැදියෙන් අසල ඇති වෙළෙඳසැලකට ගොස් ඇති අතර මිතුරා හෙල්මට් පැළඳ සිට නොමැති බව පොලීසිය පැවසුවේය.
එහිදී පයාගල පොලිසියේ රථවාහන අංශයේ ජංගම නිලධාරින් දෙදෙනකු ඔවුන් පසුපස ලුහුබැඳ ගොස් යතුරුපැදිය නවත්වා බැන වැදී තිබේ.
එම අවස්ථාවේ දී පාසල් සිසුවා යතුරුපැදිය යළි පණගන්වා අසල පිහිටි ඥාතී නිවසක් වෙත යතුරුපැදිය ධාවනය කර ඇති බව සඳහන්ය.
පොලිස් නිලධාරින් ඔවුන් ලුහුබැඳ ගොස් යතුරුපැදියේ පසුපස සිටි සිසුවාට කනට පහරක් එල්ලකර යතුරුපැදිය පැදවූ පාසල් සිසුවාටද පහරවල් කිහිපයක් එල්ලකර ඇති අතර එම අවස්ථාවේ දී ඔහු බිම ඇදවැටී ඇති බවත් පසුව පා පහරක් එල්ලකර තුනටිය ප්‍රදේශය පාගා ඇති බව වාර්තා විය.
පහරකෑමට ලක්වූ පාසල් සිසුවා ප්‍රතිකාර සඳහා කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල ට ඇතුළු කර තිබුණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාව වෙත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පයාගල පොලීසියේ ස්ථානාධිපතිවරයාට දැනුම් දුන් බව එම කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා පැවසීය.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ජූනි 30 වැනිදා සිට ජුලි මස 05 වැනිදා දක්වා දිස්ත්‍රික් 16ක මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
ඊශ්‍රායලයේ ටෙල්අවිව් Beersheba Soreka රෝහලේ සේවය කරමින් සිටි ශ්‍රී ලංකාවේ සාත්තු සේවිකාවකට ඉරානය විසින් එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයකින් තුවාල සිදුව තිබේ.
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල , ඔහුගේ බිරිඳ සහ දියණිය අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම් සභාවේ නිලධාරීන් විසින් අද (18) අත්අඩංගුවට ගෙන තිබේ.