ෆින් ඇලන් ගෙන් T20 ලෝක වාර්තාවක්
20-20 තරග බිමේ වේගවත්ම ලකුණු 150 ලෝක වාර්තාව අලුත් කිරීමට නවසීලන්තයේ ෆිල් ඇලන් සමත් විය.
ආසියානු කුසලාන ක්‍රිකට් ශුරතවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මේ මස 06 වනදා අයර්ලන්තයේ සංචාරයක නිරත වීමට නියමිතය.
ඒ, එක්දින තරග 03කින් හා 20-20 තරග 02කින් යුත් ක්‍රිකට් තරගාවලියක් සඳහා යි.
දෙරට අතර පළමුව 20-20 තරගාවලිය පැවැත්වෙන අතර, එය මේ මස 11 හා 13 දිනවලදී ඩබ්ලින් හා බෙල්ෆාස්ට්හිදී පැවැත්වීමට නියමිතව තිබේ.
ඉන් අනතුරුව එක්දින තරගාවලිය ආරම්භ වන අතර, එම තරග මේ මස 16, 18 හා 20 දිනවලදී පැවැත්වේ. මෙහි සියලුම තරග බෙල්ෆාස්ට්හිදී පැවැත්වීමට සැලසුම් කර ඇත.
ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර මේ දක්වා (2007 - 2023) එක්දින ජාත්‍යන්තර තරග 05ක් පවත්වා ඇති අතර, එම සියලුම තරග ශ්‍රී ලංකාව ජයගෙන ඇත. එමෙන්ම දෙරට අතර මේ දක්වා (2009 - 2022) විස්සයි20 තරග 03ක්ද පවත්වා ඇති අතර, ඒ සියල්ලම ජයගෙන ඇත්තේද ශ්‍රී ලංකාවයි.
මෙය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් අයර්ලන්තයේ සංචාරයක නිතර වන පළමු අවස්ථාවද වෙයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
20-20 තරග බිමේ වේගවත්ම ලකුණු 150 ලෝක වාර්තාව අලුත් කිරීමට නවසීලන්තයේ ෆිල් ඇලන් සමත් විය.
2020 වසරේ පැවති ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීම සඳහා ක්‍රීඩකයෙකුට යෝජනා ඉදිරිපත් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සචිත්ර සේනානායකට විරුද්ධව නීතිපතිවරයා විසින් හම්බන්තොට මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබේ.
ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් අතර අද (03) පැවැත්වීමට නියමිතය.