ෆින් ඇලන් ගෙන් T20 ලෝක වාර්තාවක්
20-20 තරග බිමේ වේගවත්ම ලකුණු 150 ලෝක වාර්තාව අලුත් කිරීමට නවසීලන්තයේ ෆිල් ඇලන් සමත් විය.
සත්කාරක ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඊයේ (28) පැවැති පන්දුවාර 20 දෙවැනි තරගයේ ජය වාර්තා කිරීමට ඉන්දියාව සමත් විය.
ඒ කඩුළු 07කින් ශ්‍රී ලංකාව පරාජයට පත් කරමින්.
වර්ෂාව හේතුවෙන් ඊයේ තරගය ආරම්භ කිරීම පමා වූ අතර, තරගයේ කාසිය වාසිය හිමිකරගත් ඉන්දියාව පළමුවෙන් රැකීම තෝරාගත් නිසා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ලකුණු 161ක් රැස් කිරීමට සමත් විය.
ඒ පන්දුවාර 20 අවසානයේ කඩුළු 09ක් දැවී යාමෙන්.
ඒ අනුව, පන්දුවට පහරදීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පැතුම් නිස්සංක ලකුණු 32ක්ද, කුසල් පෙරේරා ලකුණු 54ක්ද, කුසල් මෙන්ඩිස් ලකුණු 10ක්ද, කමිඳු මෙන්ඩිස් ලකුණු 26ක්ද, රැස් කිරීමට සමත් විය.
පන්දු යැවීමේදී රවි බිෂ්නෝයි කඩුළු 03ක්ද, හර්දික් පාණ්ඩ්‍යා,අර්ෂ්දීප් සිං සහ අක්සාර් පටෙල් කඩුළු 02 බැගින්ද, දවා ගැනුණි..
අනතුරුව ජයග්‍රහණය සඳහා ලකුණු 162ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට පන්දු තුනක් ක්‍රීඩා කරමින් සිටි අවස්ථාවේදී පිටියට ඇඳහැළුනු වර්ෂාව හේතුවෙන් තරගය තාවකාලිකව නවත්වා දැමුණි.
යළිත් ආරම්භ වූ තරගය ඩක්වත් ලුවිස් න්‍යාය යටතේ පන්දුවාර 06යි පන්දු 03කදී ලකුණු 81ක් ලබා ගනිමින් දෙවැනි තරගයේ ජය වාර්තා කරමින් තරග තුනකින් සමන්විත සමස්ත පන්දුවාර 20 තරගාවලියේ ජය වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.
පන්දුවට පහරදීමේදී යෂස්වි ජයිස්වාල් ලකුණු 30ක්ද, නායක සූර්යකුමාර් යාදව්ලකුණු 26ක්ද, හර්දික් පාණ්ඩ්‍යා නොදැවී ලකුණු 22ක්ද රැස් කර ගැනුනි.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ මහේෂ් තීක්ෂණ, වනිඳු හසරංග සහ මතීෂ පතිරණ එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් විය.
තරග තුනකින් සමන්විත පන්දුවාර 20 තරගාවලියේ තුන්වැනි සහ අවසන් තරගය එළඹෙන 30 වැනිදා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී රාත්‍රී 07.00ට පැවැත්වීමට නියමිතයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
20-20 තරග බිමේ වේගවත්ම ලකුණු 150 ලෝක වාර්තාව අලුත් කිරීමට නවසීලන්තයේ ෆිල් ඇලන් සමත් විය.
2020 වසරේ පැවති ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීම සඳහා ක්‍රීඩකයෙකුට යෝජනා ඉදිරිපත් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සචිත්ර සේනානායකට විරුද්ධව නීතිපතිවරයා විසින් හම්බන්තොට මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබේ.
ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් අතර අද (03) පැවැත්වීමට නියමිතය.