ආපදා හේතුවෙන් සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන්ට විශේෂ නිවාඩු
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා පත්කරන ලද විශේෂඥ කමිටුව වෙත වැටුප් හා දීමනා සංශෝධන සඳහා යෝජනා කැඳවීම ආරම්භ කර තිබේ.
අදාළ අයදුම් පත්‍රය ජනාධිපති කාර්යාලයේ නිල වෙබ් අඩවිය වන www.presidentsoffice.gov.lk මඟින් බාගත කර ගත හැකි අතර සියළු යෝජනා MS Word හි font 12 – Iskoola Pota අකුරු මඟින් සකස් කොට එහි PDF ආකෘතියෙහි මෘදු පිටපතක් පමණක් saec@presidentsoffice.lk යන විද්‍යුත් තැපැල් ලිපිනයට 2024-08-09 දිනට හෝ එදිනට පෙර යොමු කළ යුතුය.
යෝජනා කරන තනතුර හැර වෙනත් තනතුරු සඳහා ද යෝජනා ගෙන එන්නේ නම් වෙන වෙනම ආකෘති පත්‍ර සම්පූර්ණ කොට ඒ සඳහා වන සාධාරණීකරණ වාර්තා ජනාධිපති කාර්යාලයේ නිල වෙබ් අඩවිය වන www.presidentsoffice.gov.lk මඟින් බාගත කර ගන්නා ඇමුණුම් 01 ආකෘතියට අනුව සම්පූර්ණ කළ යුතු වේ.
අදාළ තොරතුරුවල මෘදු පිටපත් පමණක් ලබා දීම ප්‍රමාණවත් වන අතර යම් හෙයකින් දෘඩ පිටපතක් ලබා දීමට අවශ්‍ය වන්නේ නම් පමණක් “ලේකම්, රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම පිණිස පත් කළ විශේෂඥ කමිටුව, ජනාධිපති ලේකම් කාර්යාලය, ගාලු මුවදොර, කොළඹ 01” ලිපිනයට 2024-08-09 දිනට හෝ එදිනට පෙර ලියාපදිංචි තැපෑලෙන් හෝ අතින් ගෙනැවිත් භාරදීම කළ හැකිය.
මෙම සියලු යෝජනා විශේෂඥ කමිටුව මඟින් විශ්ලේෂණය කොට ඉල්ලුම්කරු නියෝජනය කරන ආයතනය/ වෘත්තීය සමිති/ සිවිල් සංවිධානය සමඟ සාකච්ඡා කිරීම සඳහා දිනයක් සහ වේලාවක් සති දෙකක් තුළදි ඉල්ලුම්කරු වෙත විද්‍යුත් තැපෑලෙන් හෝ වට්ස් ඇප් (WhatsApp) මඟින් දැනුම් දෙනු ඇත.
මෙම යෝජනා සහ සාධාරණීකරණ වාර්තා පිටුවකට පමණක් සීමා කරන මෙන් විශේෂඥ කමිටුව ඉල්ලා සිටියි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
පවතින ආපදා තත්ත්වය සහ උත්සව සමය පාදක කරගනිමින් ගර්භණී කාන්තාවන්ට ලබාදීමට නියමිත රු 5,000ක පෝෂණ දීමනාව අද (16) සිට ලබාදීමට කටයුතු යොදා තිබේ.
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.