විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට ලබාදුන් රුපියල් 25,000 දීමනාව අනෙක් සියලු සේවකයින්ට ද ලබාදෙන ලෙස ඉල්ලමින් රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකතුව විසින් ඊයේ (08) සහ අද අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබුණි.
ඒ අනුව, ඊයේ දිනයේ දී දිවයිනේ බොහෝ රාජ්‍ය ආයතනවල සේවකයින් සේවයට වාර්තා කර නොතිබූ බැවින් රාජ්‍ය ආයතන රැසක දෛනික කටයුතුවලට එයින් දැඩි බාධා එල්ල විය.
රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකතුවේ සම කැඳවුම්කරු චන්දන සූරියආරච්චි ප්‍රකාශ කළේ, සිය ඉල්ලීමට බලධාරීන් මෙතක් යහපත් ප්‍රතිචාර ලබා දී නොමැති බැවින් අද දිනයේත් අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි.