තෙල් හිඟයක් ගැන ව්‍යාජ පුවත්වලට නොරැවටෙන්න
තෙල් හිඟයක් ගැන ව්‍යාජ ප්‍රවෘත්තිවලට නොරැවටෙන්න ලෙස බලශක්ති අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමට එරෙහි ශේර්ෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති පෙත්සමට එරෙහි පාර්ශ්වකරුවන් ලෙස ජාතික ජන බලවේගය මැදිහත් වන බව එහි නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක ‘මව්බිම’ට පැවැසීය.
ඔහු පැවැසුවේ නීතිඥ සහාය ගැනීමට ඒ පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බවයි.
ආණ්ඩුව ඡන්දය කල්දැමීම හා ජනාධිපතිවරයා තවදුරටත් බලයේ ඉඳීමේ කුමන්ත්‍රණයේ කූටප්‍රාප්තියට පැමිණෙන අරමුණු කොට ගෙන මැතිවරණය කල්දැමීම සඳහා ආණ්ඩුවේ අවබෝධය තුළ ශේර්ෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙන අතර මෙම කැත මාරාන්තික කුමන්ත්‍රණය අධිකරණය තුළ පරාජයට පත් කිරීමට ජාතික ජන බලවේගය තීන්දු කළ බවද ඔහු පැවැසීය.
විශේෂයෙන්ම එය පරාජයට පත් කළ හැකි යැයි දැඩි විශ්වාසයක් පවතින බවත් එම පෙත්සමට එරෙහි මැදිහත් පාර්ශ්වකරුවන් ලෙස ජාතික ජන බලවේගය ඉදිරිපත්වීමට සූදානම් බවත් ඔහු පැවසීය.
ඒ අනුව කුමන්ත්‍රණය පරාජයට පත් කරනවා පමණක් ම නොව ජනාධිපතිවරණයේදී ද මෙම කූට කල්ලිය පරාජයට පත් කරන බව ද දිසානායක මහතා ප්‍රකාශ කළේය. මෙවැනි ව්‍යාකූලත්වයක් හා අස්ථාවරභාවයක් නිර්මාණය කරමින් ජනතාව තුළ නොසන්සුන්භාවයක් ඇති කිරීමට දරන උත්සාහයට මහ ජනතාව ලෙස කලබල නොවන ලෙසද මන්ත්‍රීවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේ ය.
- අනුරාධා හේරත් (මව්බිම)
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
තෙල් හිඟයක් ගැන ව්‍යාජ ප්‍රවෘත්තිවලට නොරැවටෙන්න ලෙස බලශක්ති අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
තෙවන පාර්ශවයක් හරහා වැඩි මිලට ඖෂධ අලෙවි කිරීමේ චෝදනාව මත විශේෂඥ වෛද්‍යවරයෙකු සහ ලිපිකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉරාන ඊශ්‍රායෙල් ගැටුම ගැන සාකච්ඡා කිරීමට කාලය ලබා නොදුන්නේ යැයි කථානායකවරයාට චෝදනා කර ඊට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් මීට ස්වල්ප මොහොතකට පෙර පාර්ලිමේන්තු සභා ගර්භයෙන් පිටව ගොස් තිබේ.