නගර සභාවේ ලියකියවිලි එහාමෙහා රැගෙන යාමේ කාර්ය පැවරී තිබූ මෙම රොබෝ නගර සභා ගොඩනැගිල්ලේ පළමු සහ දෙවන මහල අතර පඩිපෙළේ වැටී තිබියදී සොයාගත් බවත් එය සියදිවි නසා ගැනීමක් ලෙස අර්ථකථනය කරන බවත් ගුමී නගර බලධාරීහු පවසයි.
මෙම රොබෝ පඩිපෙළෙන් පහළට වැටීමට පෙර එකතැන කැරකී ඇති බවත් පසුව පඩිපෙළෙන් පහළට වැටී ඇති බවත් වාර්තා වේ.
සියදිවි හානි කරගත් රොබෝ වෙනුවෙන් ගුමී නගරවාසීන් ශෝකය පළකර ඇති බවත් වැඩිදුර පරීක්ෂණ සඳහා එම යන්ත්‍ර කොටස් නගර බලධාරීන් රැගෙන ගොස් ඇති බවත් කොරියානු මාධ්‍ය වාර්තා කරයි.
ලොව ප්‍රථම වතාවට රොබෝවෙකු සියදිවි හානි කරගත් සිදුවීම මෙය බව යි දකුණු කොරියානු මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ .