මාදුරුඔය ජාතික වනෝද්‍යානයට ඇතුල්වීම ඇතුළු චෝදනා පහක් යටතේ එම පිරිසට එරෙහිව කරුණු ගොනු කර ඇතැයිද කුමාරසිරි විජේකෝන් කීවේය.
පසුගිය දිනක තමන් සමාජ මාධ්‍ය නරඹමින් සිටියදී මාදුරුඔය ජාතික වනෝද්‍යායේ ආරක්ෂිත පක්ෂයෙකු ලෙස හඳුන්වන මොණරෙකු දඩයම් කර ගිනි දල්වා පුළුස්සා විදේශිකයකු සමග එම මස් ආහාරයට ගන්නා අයුරු රූගත කර යූ ටියුබ් නාලිකාවක් ඔස්සේ ප්‍රදර්ශනය කරන අයුරු දුටු බවද ඔහු කීවේය.
මෙම සිද්ධිය 2019 වර්ෂයේ හෝ 2020, වර්ෂයේ සිදුව ඇති බවට සැක කරන බවත්, විදේශිකයා සමග දඹාන ප්‍රදේශයේ ආදිවාසීන් පස්දෙනා එම අපරාධය සාමූහිකව සිදුකර රූගත කිරීම සිදු කර ඇතැයිද ඔහු කීවේය.
ඒ අනුව පොදු අරමුණින් යුතුව මෙම අපරාධය සිදුකර ඇති බවට සනාථ වීම නිසා ඔවුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සිදුකරන බවද කුමාරසිරි විජේකෝන් කීවේය.
Lankadeepa.lk



