නායයාම්වලින් අතුරුදන්වූවන් සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකව කෙරෙන බව බලධාරීහු පවසති.
කත්මණ්ඩු අගනගරය ආසන්නයෙන් ගලාබසින බාග්මතී ගංගාව ඇතුළු ගංගා රැසක් අධික වර්ෂාපතනය හමුවේ පිටාර ගොස් තිබේ.
හිමාලයානු කලාපයට පතිත වූ අඟල් 12.7ක් ඉක්මවූ වැසි හේතුවෙන් එම ගංගාවේ ජල මට්ටම අඩි 7කින් පමණ ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
මේ වනවිට ජල මට්ටම ක්‍රමයෙන් පහත වැටෙමින් පවතින නමුත් හිමාල කඳුවැටිය ආශ්‍රිත ප්‍රදේශවලට මේ දිනවල අධික වැසි තත්ත්වයක් බලපා ඇති බැවින් කලාපීය ගංගා රැසක් පිටාර මට්ටමට පැමිණ ඇති බවත් ඒ අනුව උතුරු ඉන්දියාවටත් ජලගැලීම් ආපදා බලපා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.